චිලියානු ජන ගීයේ අම්මා ඇයයි. ස්පාඤ්ඤ ආක්‍රමණවලින් වැළලී ගිය චිලී දේශයේ ජන සංගීතය මතු කළ වීර කාන්තාව ඇයයි. ඈ Violeta Parra නම් වූවා ය.
කලා පවුලක උපත ලද Violeta Parra මුලින් සොයුරිය සමඟ ස්පාඤ්ඤ ගී ගායනා කළා ය. ගණිතය හා භෞතික විද්‍යා මහාචාර්යවරයකු මෙන් ම සුප්‍රකට කවියකු හෙවත් 'ප්‍රති-කවියකු' වූ සිය සොහොයුරු Niconar Parra ගේ මඟ පෙන්වීම අනුව ඈ ජන ගී ගැන අධ්‍යයනය කිරීම ඇරඹුවා ය.
ඈ චිලියානු සාම්ප්‍රදායික සංගීතය සොයා රට වටේ ගියා ය. ඇය තත් විසි පහේ චිලියානු සාම්ප්‍රදායික ගිටාරය වයන අයුරු උගත්තේ ගොවියකුගෙනි. ඈ ස්වදේශික ජනතාව අතර සැරිසරමින් චිලියානු ජන සංගීතය උගත්තා ය.
ඉන්පසු ඇගේ පැරණි ගීත නැවැත්වූ ඇය චිලියානු නව සංගීතය ඇසුරෙන් නව චිලියානු ජන සංගීතය මතු කළා ය. එය අතිශයින් සාර්ථක විය.
අයියන්දේ ගේ ජයග්‍රහණයට ද ඈ ශක්තියක් වූවා ය.
ජාතික සංගීතයක් , ජාතික දැනුමක් ගොඩ නැඟීම ගැන Violetta Parra අපට ආදර්ශයකි. චිලි දේශය ඇතුළු ලතින් ඇමෙරිකාවේ සිදු වූ පුළුල් ජාතිකවාදී විප්ලවයක් සමාජවාදී වාමවාදී කඩ තුරාවලින් වසා බොහෝ විට අපට ඉදිරිපත් කෙරෙයි. ස්පාඤ්ඤයින් විසින් අන්තයට ම විනාශ කළ ලතින් ඇමෙරිකාවේ පවා ඒ රටවල තිබූ චින්තනය නැති නොවුණු බවත් ආරෝපණය හා අනුකරණයට එරෙහිව යන්නන්ට ඒ රටවල පැරණි දැනුම් යළි ඉස්මතු කිරීමට හැකි වුණු බව ය.
ස්පාඤ්ඤ සංගීතයෙන් මිදුණු Parra අපට විශිෂ්ට ආදර්ශයක් වන්නේ චිලියානු ජන සංගීතය නැවත මතු කිරීමෙන් නො නැවතුණු ඇය ස්පාඤ්ඤ ජන සංගීතය චිලි ජන සංගීතයට අවශෝෂණය කරන්නේ කෙසේ ද යන්න ද අපට පෙන්වන නිසා ය.
අප ලංකාවේ ජාතිකත්වය කරා යන ගමනේ දී, ලතින් ඇමරිකාවේ සිදු වූ වාමවාදී කඩතුරාවෙන් වසා පෙන්වන ජාතිකවාදී නැඟිටීම් හරි හැටි අධ්‍යයනය කළ යුතු ය. Violeta Parra වැනි අය ලංකාවේ පහළ වීමට එය අතිශයින් වැදගත් වනු ඇත.
(චිලි දේශයේ අයියන්දේ සමඟ Violetta Parra වැන්නන්ට ලැබුණු බලය ලංකාවේ සුනිල් ශාන්තට, ආනන්ද සමරකෝන්ට, රෝහණ බැද්ද ගේට ලැබුණේ නැත. ඒ වෙනුවට ඒ කාලයේ ම සරච්චන්ද්‍ර - වික්‍රමසිංහ කල්ලිවාදයක් විසින් ශාස්ත්‍රීය අධ්‍යාපනය අධිග්‍රහණය කර ගන්නා ලදී. ලංකාවේ සිදු වූ ඛේදවාචකය මෙයයි.)
- තමලු මලිත්ත පියදිගම
Thursday, June 15, 2017
Wednesday, June 14, 2017
ගුරුත්වාකර්ෂණයක් පවතී ද?
ගැලීලියෝ කීවේ වස්තුවකට බලයක් නො යෙදූ විට එය වැටෙන්නේ නියත ත්වරණයකින් බව ය. ඒ කවාකාර මඟක ය. පෘථිවි භ්‍රමණය නිසා කවාකාර මඟ වෙනුවට සිරස් රේඛීය මාර්ගයක් අපට පෙනේලු. ඉතින් මේ චලිතය ගැලීලියෝ නම් කළේ නිදැල්ලේ වැටීම (free fall) යනුවෙනි. ගැලීලියෝට අනුව වස්තුවක් නිදැල්ලේ වැටෙන්නේ බලයක් නො යෙදුණු විට ය. ඔහු එය නිදැල්ලේ නිදහසේ ලෙස නම් කළේ එහෙයිනි.
දේකාර්ත් නම් දාර්ශනිකයා ද යාන්ත්‍ර විද්‍යාවක් ඉදිරිපත් කොට තිබුණි. එහි බලයක් නොමැති විට චලිතය හැඳින්වූයේ අක්‍රම චලිතය යනුවෙනි. දේකාර්ත්ට අනුව බලයක් නොමැති විට චලිතය හෙවත් අක්‍රම චලිතය සරල රේඛීය ය.
ගැලීලියෝට වස්තු පොළොවට වැටීම ප්‍රශ්නයක් නො වුව ද එය වස්තුවල සාමාන්‍ය ස්වභාවය වුව ද , දේකාර්ත්ට එය ප්‍රශ්නයක් විය. දේකාර්ත් කීවේ වස්තු පොළොවට වැටෙන්නේ අවකාශීය දියසුළියක් හෙවත් අවකාශීය වක්‍රතාවයක් නිසා බව ය..
අයිසෙක් නිවුටන් ඉපදුණේ ගැලීලියෝ මිය ගිය අවුරුද්දේ නත්තල් දිනයේ ය. ඔහු දේකාර්ත්ට විරුද්ධ දර්ශනයක විය..
කේම්බ්‍රිජ්හි උගත් නිවුටන් යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ පරීක්ෂණ කළේ ය. අවසානයේ නිවුටන් පාරභෞතිකයේ නව සුසමාදර්ශයක් බිහි කළේ ගැලීලියෝ ගේ බොහෝ ප්‍රතිඵලත් දේකාත් ගේ හා හුක් ගේ සමහර ප්‍රතිඵල එකට එක් කරමිනි.
නිවුටන් දේකාර්ත් ගේ අක්‍රම චලිත මතවාදයට ආකර්ෂණය විය. එනිසා ගැලීලියෝ ගේ බහුතරයක් දේ පිළිගනිද්දී .. ගැලීලීය නිදැල්ලේ වැටීම වෙනුවට අක්‍රම චලිතය පිළිබඳ දේකාර්තියානු මූලධර්මය ඔහු යොදා ගත්තේ සන්දර්භයෙන් ගලවා ය.
නිවුටන් එවැන්නකට පෙළඹීමකට එක හේතුවක් වන්නේ බලය යටතේ චලිතයට ඇරිස්ටෝටල් ඉදිරිපත් කළ සූත්‍රය අනුව රික්තයක් පැවතිය නො හැකි බව ගම්‍ය වීම ය. නිවුටන් රික්තයක පැවැත්ම ප්‍රිය කළේ ය. ඔහු රික්තය නිරපේක්ෂ නිශ්චලතාවක් එනම් සත්‍ය චලිතය සෙවීමේ මිම්මක් ලෙස දුටුවේ ය. ඇරිස්ටෝටල්ට විරුද්ධව එකල තිබූ දේකාර්ත් ගේ විකල්පයට නිවුටන් යොමු වීම පුදුමයක් නො වේ..
සන්දර්භයෙන් ගලවා භාවිත කළ අක්‍රම චලිත නියමය නිවුටන්ට ගැටලු රැසක් ඇති කළේ ය. ඉන් එකක් වස්තු පොළොවට ත්වරණයෙන් වැටීම පෙර සේ සාමාන්‍ය නිදහස් ස්වභාවය ලෙස ගත හැකි නො විණි. එනිසා ඔහුට ගුරුත්වාකර්ෂණය නම් බලයක් ගෙන ඒමට සිදු විය. ප්‍රතිලෝම වර්ග නියමය රොබට් හුක්ගෙන් උදුරාගත්තේ ය..
මේ සියල්ලේ මුල රික්ත නිරපේක්ෂ ලෙස දැකීමත් , හිතුවක්කාරී පළමුවන නියමයත් සමඟ බැඳේ.. නිව්ටන් ගුරුත්වාකර්ෂණය බලයක් ලෙස ගෙන ආව ද? ඔහු ම එයට විරුද්ධ විය..
එඩ්මන්ඩ් හේලි නම් මිතුරා ගේ බලකොට මුද්‍රණ වියදමත් ඔහු ම දරන බව පවසා නිව්ටන් යොමු කරන තෙක් නිව්ටන් තම අදහස් ප්‍රසිද්ධ නො කළේ ගුරුත්වාකර්ෂණය ගැන ඔහුට ද කුකුසක් වූ නිසා ය.
ඇත්තෙන් ම නිවුටන් කර ඇත්තේ පහත චිත්‍රයේ දැක්වෙන දෙයයි.. තමා ගේ ම හිසින් ප්‍රක්ෂේපණය වූ නො පවතින නිර්පේක්ෂ අවකාශයක තමා ගේ ම හිතුවක්කාර නියමයක් නිසා තමා ම ඇති කරගත් ප්‍රශ්නයකට ගුරුත්වාකර්ෂණය නම් අසාර්ථක විසඳුම ගෙන ඒමයි..
නිවුටන්ට ගැලීලියෝ ගේ නිදැල්ලේ වැටීම නිදැල්ලේ වැටීමක් නො වුණි. ඔහු එය ගුරුත්වය පමණක් යටතේ චලිත වීම ලෙස අර්ථකථනය කළේ ය.
අර්නස්ට් මාක් දාර්ශනිකයා ගේ තර්ක හමුවේ නිරපේක්ෂ අවකාශ සංකල්පය සුණු විසුණු විය..
ඉන්පසුව නිවුටෝනියානු භෞතික විද්‍යාවේ ස්ථානීය අවස්ථිති රාමු සංකල්පය එක් වී සංශෝධනයක් ඇති විය. මේ අනුව ඇත්තේ නිරපේක්ෂ අවස්ථිති රාමු නො ව ස්ථානීය අවස්ථිති රාමු ය.
ස්ථානීය අවස්ථිති රාමු යනු නිදැල්ලේ වැටෙන රාමු ය. එනම් බලයක් නො යෙදූ විට (ගුරුත්වාකර්ෂණ බලයක් නොමැත.) චලනය වන පරිදි වූ රාමු ය. චලිතය විග්‍රහ කළ යුත්තේ එවන් රාමුවල ය. ඒවායේ දී ගුරුත්වයක් නැත.
එය පැරණි නිවුටෝනියානු දෘෂ්ටියෙන් ගුරුත්ව බලය යටතේ චලිතවන රාමුවක් කිව හැකි ය. එසේ කියන්නේ නිරපේක්ෂ අවස්ථිති රාමුවලට සාපේක්ෂව බලාලු. නිරපේක්ෂ අවස්ථිතික රාමුව මාක් විසින් සුණු විසිණු කර අවුරුදු ගණනකි. එනිසා මේ විවරණය අමු ම අමු කෙප්පයකි.
එනිසා චලිතය විවරණය කළ හැක්කේ ස්ථානීය අවස්ථිති රාමුවල ය.. ස්ථානීය අවස්ථිති රාමුවල දී හෙවත් නිදැල්ලේ වැටීමේ දී ගුරුත්වාකර්ෂණයක් නොමැත. ගුරුත්වාකර්ෂණයක් දැනෙන්නේත් නැත. එවැන්නක් ඇත්තේත් නැත.
විශේෂ සාපේක්ෂතාවාදය යනු නිරපේක්ෂ අවස්ථිති රාමු සාපේක්ෂතාවාදයට ගැනීමකි.
සාධාරණ සාපේක්ෂතාවාදය යනු ස්ථානීය අවස්ථිති රාමු සාපේක්ෂතාවාදයට ගැනීමකි.
සාධාරණ සාපේක්ෂතාවාදයේ හා ස්ථානීය අවස්ථිති රාමු සංකල්පයේ ගුරුත්වාකර්ෂණයක් නොමැත.
සමහරුන්ට කාරකයක් නොමැතිව පොළොවට වස්තු වැටීම ප්‍රශ්නයකි. ඒත් ඔවුන් කාරකයක් නොමැතිව ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කිරීමට කාරක කුමක් දැයි ඇසීමට නො පෙළඹීම විහිළුවකි.
- තමලු මලිත්ත පියදිගම
Subscribe to:
Comments (Atom)
චිලියානු ජන සංගීතයේ අම්මා: ජාතිකවාදය හා සංගීතය
චිලියානු ජන ගීයේ අම්මා ඇයයි. ස්පාඤ්ඤ ආක්‍රමණවලින් වැළලී ගිය චිලී දේශයේ ජන සංගීතය මතු කළ වීර කාන්තාව ඇයයි. ඈ Violeta Parra නම් වූවා ය. කලා ...
-
ගැලීලියෝ කීවේ වස්තුවකට බලයක් නො යෙදූ විට එය වැටෙන්නේ නියත ත්වරණයකින් බව ය. ඒ කවාකාර මඟක ය. පෘථිවි භ්‍රමණය නිසා කවාකාර මඟ වෙනුවට සිරස් රේඛී...
-
චිලියානු ජන ගීයේ අම්මා ඇයයි. ස්පාඤ්ඤ ආක්‍රමණවලින් වැළලී ගිය චිලී දේශයේ ජන සංගීතය මතු කළ වීර කාන්තාව ඇයයි. ඈ Violeta Parra නම් වූවා ය. කලා ...
